සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (16) එරට රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඔහු සී ෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Tags
International
