One Direction හිටපු සාමාජික Liam Payne ආර්ජන්ටිනාවේ දී මිය යයි ( VIDEO )

One Direction සංගීත කණ්ඩායමේ හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne ආර්ජන්ටිනාවේ දී දිවි සැරිය නිමකරයි. ඔහු මිය යන විට 31වන වියේ පසූ වූවා


ඔහු Casa Sur හෝටලයේ තුන්වන මහලෙන් වැටී ඇති බව Comisaría Vecinal 14 B පොලිසිය පවසයි.


ඔහු Casa Sur හෝටලයේ 10 වැනි කාමරයේ නැවතී සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට මාධ්‍ය පවසන පරිදී රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරු තහවුරු කළහ. 



රෝහල් ගත කරන විටත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව වැඩි දුරටත් පවසා ඇත. ඔහු හට ඉතා බරපතල තුවාල හා හිස් කබලේ පාදයේ අස්ථි බිඳීමක් වැනි දැ ඔහුගේ මරණයට හේතු වූ ඉතා බරපතල තුවාල තිබු බවත් වෛද්‍ය වාර්තා වල ඇත. 


ඔහු බැල්කනියෙන් වැටීම මීටර් 13 ත් 14 ත් අතර විය හැකි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



ඔහු සැප්තැම්බර් 30 වන දින ආජන්ටිනාවට පැමිණ ඇති බවයි. ඔහු ඔක්තෝබර් 2 වන දින Movistar Arena හි ඔහුගේ හිටපු සංගීත කණ්ඩායමක් වන Niall Horan ගේ සංදර්ශනයකට සහභාගී වූ බව වාර්තා වේ.


පේන් ඔහුගේ මරණයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය යෙදුම වන Snapchat හි පළ කර ඇති බව තේරුම් ගත හැකිය. ය “ආර්ජන්ටිනාවේ අද සුන්දර දවසක්,” ඔහු වීඩියෝවේ සඳහන් කළේය.

🚨 BREAKING NEWS! Former One Direction member Liam Payne has died today at the age of 31. (Liam's last video) 💔🥺...

Posted by Sunrise News on Wednesday, October 16, 2024




Previous Post Next Post

نموذج الاتصال