වප් පුර පසළොස්වක පොහොය අදයි



බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්යෙවා්ත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි.

වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස්‌ විසූ උපසපන් භික්ෂූොන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය. අපගේ බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්යන ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදු වී ඇත.
Previous Post Next Post

نموذج الاتصال