කතක් අතට ආ T-56 ඇයත් සමඟම වැල්ලවත්ත පොලීස් අත්අඩංගුවට



කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T-56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කාන්තාවක් විසින් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි සිය නිවසට T-56 ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු ඒ බව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව වැල්ලවත්ත පොලීසිය මේ ස්ථානයට පැමිණ, නිවස පරීක්ෂා කර, ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන්නියක් බව පොලීසිය සඳහන් කර සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.

Previous Post Next Post

نموذج الاتصال