සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 39 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 ක් හා කුසල් ජනතිත් පෙරේරා ලකුණු 55 ක් ලබා ගත්තා.
ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට 1 එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
Tags
sports
