දකුණු අප්‍රිකා කාන්තාවෝ T20 ලෝක කුසලාන අවසන් වටයට




කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (17) දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුළු 08කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Beth Mooney මෙම තරගයේදී ලකුණු 44ක් රැස් කළ අතර, ඒ සමගින් ඇය කාන්තා T20 තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 3000 ඉනිම් 100කදී වාර්තා කළ ක්‍රීඩිකාව වීමට සමත් වුණා.

මින් පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ ඉනිම් 103කදී කොදෙව් ක්‍රීඩිකා Stafanie Taylor විසින්.

අනතුරුව ලකුණු 135ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 135ක් රැස් කළ අතර, නායිකා Laura Wolvaardt ලකුණු 42ක් ද, Tazmin Brits ලකුණු 15ක්ද, Anneke Bosch නොදැවී ලකුණු 74ක්ද රැස් කළා.

Annabel Sutherland ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුළු 02ක් දවා ගත්තා.

එමෙන්ම, දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය හෙට නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, අවසන් තරගය එළඹෙන 20 වැනිදා පැවැත්වෙනු ඇති.
Previous Post Next Post

نموذج الاتصال