හිටපු ජනපතිවරු තිදෙනකුට සහ හිටපු මැති ඇමැති 35කට මහ ඡන්දෙට නෑ



ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා හිටපු මන්ත්‍රීන් 35 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකරනු ඇතැයි Sunrise News වාර්තා වෙයි. මේ අය අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද වෙති. 

සෙසු මැති ඇමැතිවරුන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනකු පමණ සිටින බව අප වෙත වාර්තා වෙයි. හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනකු පමණ ද හිටපු මන්ත්‍රීන් 25 දෙනකු පමණ ද තම හිතවතුන් කැඳවා කරන ලද සාකච්ඡාවලින් පසුව මෙම තීන්දුව ගෙන තිබෙන බව සඳහන්ය. ඒ හැර තවත් මන්ත්‍රීන් හා හිටපු අමාත්‍යවරුන් පිරිසක් පක්ෂ මාරුවකින් පසු මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.

Previous Post Next Post

نموذج الاتصال