බදු නොවන අයව මට්ටු කරන්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවසටම යයි.


2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (07) දින සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර  සඳහන් කළේ.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබෙන බවද ඇය සඳහන් කළා.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Previous Post Next Post

نموذج الاتصال