පොලිසිය ගැන සතුටු වෙන, වැඩබලන පොලිස්පති.


ජනාධිපතිවරණයේදී පොලිසිය ඉතා හොඳින් කටයුතු කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

තම සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මෙය බවත් අලුත් සංස්කෘතියක් ඇතිවූ බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කළේ කල්කුඩා ප්‍රදේශයේ ඊයේ (05) පැවති උත්සවයකට එක්වෙමින්ය.

“දේශපාලන පරිවර්තනයකින් පසු ඉතාමත් අමාරුම කාලයක් තමයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. මගේ සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මේ මැතිවරණයෙන් පස්සේ. අලුත් සංස්කෘතියක් මේක. අපි මේවා ඉදිරියට නඩත්තු කළ යුතුයි. එයින් වැඩිම පහසුව සැලසෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. එවැනි අවස්ථාවක් සැදූ දේශපාලන අධිකාරියට ස්තූතියි. ඒ වගේම පොලීසියේ ඉහළම කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරපු මැතිවරණයක්. පොලිසිය වැටී සිටි තැනින් නැගිටලා. පොලිසිය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති වුණා එම ක්‍රියාකාරීත්වය දෙස් විදෙස් ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.” 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් දක්වවමින්ම කියා සිටිහ.

Previous Post Next Post

نموذج الاتصال