මහර බන්ධනාගාර​යේ සිරකරුවන් මියයාමේ සිද්ධියට, පියවර නොගැනීමට නීතිපතිත් මැදිහත් වෙයි.

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙසත් ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිදුකළ විරෝධතාවයකදී සිරකරුවන් 11 දෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තුමේන්තුව පවත්වාගෙන ගිය නඩු ගොනුව වසා තැබීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.


ඒ අනුව එම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පසුගිය අගෝස්තු 30 වැනිදා දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.


සිද්ධියට අදාළ විමර්ශන අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිත්‍යානුකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බවත් නිරීක්ෂණය වී ඇති බව අදාළ ලිපිය මඟින් නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.


බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වී ඇති බවත් එබැවින් මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බව ද එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.


2020 වසරේ නොවැම්බර් 30 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ සිරකරුවන් 11 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

Previous Post Next Post

نموذج الاتصال