රජය දැන් අර් බුදයයෙන් අර් බුදයට ගමන් කරනවා

රජය මේ වන විට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. ඒ අනුව වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර පිළිගෙන ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.


ඒ හරහා රැල්ලට ආපු පිරිස් කළකිරීමට පත්වන බවත් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වන විට ඔවුන්ගේ කල් ක්‍රියාව කෙසේද යන්න බලාගත හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Previous Post Next Post

نموذج الاتصال