උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර හේතුව



ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ 'Legend Throphy 2024' ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනා සිදුකළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා.

ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ අතර, කෙසේ නමුත් ඔහු අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස්ගතවී ඇති බවයි සඳහන් වෙන්නේ.

Previous Post Next Post

نموذج الاتصال