ඊයේ (07) සවස නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට වැටී ජීවිතක්ෂයට පත් වූ කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 16 ක් වූ සිසුවිය, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කරුනු රැසක් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඇය පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තවද මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවත්, එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Tags
Local
