පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදුන් බොහෝ පිරිසක් ඡන්දය ලබාදුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන සිතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ලබාදීමට රනිල් වික්‍රමසිංහ කෙනෙක් නොමැති බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පෝලිම් නැති කළේ රනිල් වික්‍රමසිංහ බවට සිතා ඡන්දය ලබාදුන් පිරිස මෙවර මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.
Tags
Local
