අප්පච්චි දුවට පාර හදලා අප්පච්චි අයින් වෙයිද ?




 මෙවර මහ මැතිවරණය සඳහා සිය පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් නොවන බවත් තමා ඉදිරිපත් වන බව නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල පවසනවා.


තමන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම එකව​ර ගත් තීන්දුවක් නොව තමන් වසර 9 ක සිටම දේශපාලන කටයුතුවල නිරත වන බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම සිය අපේක්ෂාව බවයි නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


මේ අතර තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඒ අනුව තමන් වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් තරුණයින්ට මෙවර අවස්ථාව ලබාදිය යුතු බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.


ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටද තමාට බලාපොරොත්තුවක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Previous Post Next Post

نموذج الاتصال